මාකඳුරේ මධූෂ්ගේ අවසන් කටයුතු ගොඩිගමුව පොදු සුසාන භූමියේදී
Wednesday, 21 October 2020 - 13:06 | Views - 2,628
පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මියගිය මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මහරගම - ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ වනවිට දේහය මහරගම - පමුණුව ප්‍රදේශයේ ඔහුගේ අනියම් බිරිඳකගේ නිවසක තැන්පත් කර තිබෙනවා.
දේහය තැන්පත් කර ඇති නිවස ආශ්රිත ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙසටයි.
කෙසේ වෙතත් ඇගේ එකඟතාව මත දේහය අනියම් බිරිඳගේ මහරගම - පමුණුව නිවසේ තැන්පත් කෙරුණු බවයි වාර්තාවන්නේ.
Share This Article