අද විවාදයට ගැනීම ආරම්භ කෙරෙන විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පා සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
මන්ත්‍රීවරුන්ගේ අත්වල විස්සට එරෙහි පළඳනාවක් දක්නට ලැබුණු අතර, විස්සට එරෙහි වැකි සඳහන් මුව ආවරණද ඔවුන් පැළඳ සිටි බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම රථ පෙළපාලියේ පැමිණි මන්ත්‍රීවරුන්ගේ වාහනවලද විස්සට එරෙහි විරෝධතා පුවරු සවිකර තිබුණා.
