කොරෝනා නීතිරීති නිසා කැනඩාවේ යුවලක් කැනඩා - ඇමරිකා දේශසීමාවේ විවාහ මංගල උත්සවය පවත්වයි
Wednesday, 21 October 2020 - 9:42 | Views - 531
කැනඩාවේ යුවලක් කැනඩා - ඇමරිකා දේශ සීමාවේදී තම විවාහ උත්සවය පවත්වා තිබේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දෙරට අතර ගමනාගමනය සීමා කර තිබීම හේතුවෙන් දෙරටේම වාසය කරන තම ඥාතීන්ට හා හිතවතුන්ට මෙම විවාහ මංගල උත්සවය සඳහා සහභාගී විය හැකි පරිදී කැනඩා -ඇමරිකා දේශ සීමාවේ මෙම විවාහ උත්සවය පවත්වා තිබේ.
 
ලින්ඩ්සේ ක්ලොව්ස් හා ඇලෙක්ස් ලේකී නමැති මෙම මනාල යුවල 29 හැවිරිදි වියෙහි පසුවෙති. හය වසරක් පෙමින් වෙලී සිටි මොවුහු 2019 දී විවාහ ගිවිසගත් අතර විවාහ උත්සවය පසුගිය අගෝස්තු මාසයට යොදා ගෙන තිබිණි. කෙසේ වෙතත් කොරෝනා තත්ත්වය නිසා එය කල් දැමිණි. එහෙත් කොරෝනා වසංගතය දිගටම පවතින බැවින් තවදුරටත් විවහය කල් දැමීමේ තේරුමක් නොමැති බව මෙම දෙදෙනා තේරුම් ගත්හ.

එහෙත් ඒ වන විට ඇමරිකාව හා කැනඩාව අතර සංචරණ සීමා පනත තිබුණු අතර ඒ අනුව දෙරටේම ඥාතීන්ට සහභාගි විය හැකි පරිදි විවාහ මංගල උත්සවය දෙරට අතර දේශ සීමාවේදී කොරෝනා මර්දන නීතිරීතිවලට අනුකූලව සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් පවත්වන ලදී.

මෙහිදී පවුලේ පිරිසක් බෝට්ටුවල සිට විවාහ උත්සවයට සහභාගී වූහ.

canada666
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top