පහේ ශිෂ්‍යත්වයේ පිළිතුරු පත්‍ර ඇගයීම් හෙට සිට
Wednesday, 21 October 2020 - 8:25 | Views - 394
පසුගියදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට ලබන 27 වනදා දක්වා දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 39 කදී සිදු කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ඇගයීම් කටයුතු සිදු නොකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සියලුම පරීක්ෂකවරුන් වෙත පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා අදාළ ඇගයීම් මණ්ඩල වෙතට වාර්තා කිරීම සඳහා කෙටි පණිවුඩ මගින් දැනුම්දීම් සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් ඊට අදාළව කිසියම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම් 011 27 85 231 සහ 011 2 78 52 16 මෙන්ම 0112 78 40 37 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳව තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම උසස් පෙළ විභාගයට අදාළව රාජකාරි සිදුකරන නිලධාරීන්ට  ලබාදීමට පොරොන්දු වූ රුපියල් 15,000 ක දීමනාව කඩිනමින් ලබාදෙන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලීමක් කරනවා. එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල විභාග රාජකාරි සිදුකරන ගුරුවරුන් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුකරන ලෙසයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප්  ස්ටාලින් ඉල්ලා සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top