කොරෝනා නිසා කොටුව පොලිස් ස්ථානය වසා දමයි
Wednesday, 21 October 2020 - 8:09 | Views - 344
කොරෝනා ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමඟ කොටුව පොලිීසියේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
කොටුව පොලිසිය පිහිටි ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසදනය වී ඇති බව ඊයේ හෙළිවුණා.
එම තත්ත්වයත් සමඟ එම ඒකකයේ සහ කොටුව පොලීසියේ නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.
Share This Article