කඩාවැටුණු බූවැලිකඩ ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ වියදම ලක්ෂ 28 ක්
Wednesday, 21 October 2020 - 8:09 | Views - 544
මාස එකහමාරක් වයසැති කුඩා බිළිඳියක් සහ ඇගේ දෙමාපියන්ට මරු කැඳවමින් කඩාවැටුණු මහනුවර - බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරිම ඊයේ ආරම්භ කෙරුණා.

ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ මහනුවර මහ නගර සභාව ඒකාබද්ධවයි.  

සුන්බුන් ඉවත් කිරීම සඳහා වැයවන මුදල රුපියල් ලක්ෂ 28 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම මුදල ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිටත් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් දැනට බන්ධනාගාර ගතකර සිටින ගොඩනැගිල්ලේ හිමිකරුගෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ ඉදිරියේදී අදාළ මුදල අයකරගැනීමට කටයුතු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.

පසුගිය මස 20 වනදා මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි මෙම පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටුණු අතර ඊට යටවී මව, පියා සහ බිළිඳිය ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් අනතුරුව නොසැලකිලිමත් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස තුන්දෙනෙකුට මරණය සිදුකිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු රක්ෂිත බන්ධනාගර ගත කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top