කඩාවැටුණු බූවැලිකඩ ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ වියදම ලක්ෂ 28 ක්
Wednesday, 21 October 2020 - 8:09 | Views - 545
මාස එකහමාරක් වයසැති කුඩා බිළිඳියක් සහ ඇගේ දෙමාපියන්ට මරු කැඳවමින් කඩාවැටුණු මහනුවර - බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරිම ඊයේ ආරම්භ කෙරුණා.
ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ මහනුවර මහ නගර සභාව ඒකාබද්ධවයි.
සුන්බුන් ඉවත් කිරීම සඳහා වැයවන මුදල රුපියල් ලක්ෂ 28 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම මුදල ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිටත් ලබාදී ඇති බවයි.
කෙසේ වෙතත් දැනට බන්ධනාගාර ගතකර සිටින ගොඩනැගිල්ලේ හිමිකරුගෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ ඉදිරියේදී අදාළ මුදල අයකරගැනීමට කටයුතු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.
පසුගිය මස 20 වනදා මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි මෙම පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටුණු අතර ඊට යටවී මව, පියා සහ බිළිඳිය ජීවිතක්ෂයට පත්වුණා.
ඉන් අනතුරුව නොසැලකිලිමත් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස තුන්දෙනෙකුට මරණය සිදුකිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු රක්ෂිත බන්ධනාගර ගත කෙරුණා.
Share This Article