මධුෂ්ගේ දේහය මහරගම - පමුණුවේ ඥාති නිවසකට
Wednesday, 21 October 2020 - 8:06 | Views - 2,393
පොලිස් භාරයේ සිටියදී වෙඩි වැදී මියගිය මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ දේහය මේ වනවිට මහරගම - පමුණුව ප්‍රදේශයේ ඔහුගේ ඥාතියෙකුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඊයේ දිනයේදී දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක් වෙත රැගෙන ගිය අතර ඉන් අනතුරුවයි ඥාති නිවස වෙත රැගෙන ගොස් ඇත්තේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ මධුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙසටයි.

මධුෂ්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය වෙත ඊයේ පැමිණ සිටි අතර, ඒ හේතුවෙනුයි අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබුණේ.

මියගිය මාකඳුරේ මධූෂ්ගේ උපන් ගම කඹුරුපිටිය - ගතාරේ ප්‍රදේශයේ වන අතර, ඊයේ දිනයේදී ඇතැම් වාර්තා පළ කර තිබුණේ දේහය මාතරට රැගෙන යන බවයි.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මාකඳුරේ මධුෂ් පිළිබඳව සටහනක් තබා තිබෙනවා.

පොලිස් අපරාධ ඉතිහාස ලේඛනවල මධුෂ් නැමති නම ප්‍රථමයෙන් සටහන් කිරීම සිදුකළේ තමන් බවත්, ඒ වනවිට මධුෂ් තුන්වන පන්තියේ කොල්ලකරුවෙකු වන බවයි ඔහු තැබූ සටහනේ දැක්වන්නේ.  

මීගමුව, ගාල්ල සහ කුලියාපිටිය යන ප්‍රදේශවල සිදුකළ ආයුධ සන්නද්ධ කොල්ලකෑම් 10 ක් සම්බන්ධයෙන් තමන් ප්‍රථමයෙන් වාරියපොල ප්‍රදේශයේදී මධුෂ් අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top