මෛත්‍රීට අමතක වූ උදයංග වීරතුංගගේ සංග්‍රහය
Tuesday, 20 October 2020 - 14:48 | Views - 446

2011 වසරේදී තමා එවක රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හමු වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගත්තා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මුල් අවස්ථාවේදී අදහස් පළ කළේ එම සිද්ධිය පිළිබඳ තමාට මතකයක් නැති බවයි.

හිටපු ජනාධිපතිවරයා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පළමුවරට සාක්ෂි ලබාදුන්නේ ඊයේ දිනයේදීයි.

රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පළමු වරට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

එහිදී හිටපු ජනාධිපතිවරයාගේ අත්සන විවිධ ලිපි ලේඛනවලදී වෙනස් වී තිබීම සම්බන්ධයෙන් කොමිසම ඔහුගෙන් විමසුවා.

2016.10.03 වන දින මෛත්‍රිපාල  සිරිසේන මහතා විසින්  අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කළ සංදේශයක් කොමිසමේ සභාපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ අතර එහි අත්සන පිළිබඳව විමසුවා.

මේක මම ඉදිරිපත් කළ සංදේශයක් ස්වාමිනි" මේක මගේ අත්සන තමයි.සමහර දවස් තියෙනවා ලියුම්  කොච්චර අත්සන් කරනවද කියලා මතක නෑ . අත්සන සමහර වෙලාවට කිසියම් වෙනස්කමක් වෙන්න පුළුවන්. මේක නං මං අත්සන් කරපු එකක් තමයි  හිටපු ජනාධිපතිතුමා සඳහන් කළා.

මේ අතර උදයංග වීරතුංග මහතා සමඟ රාජකාරි මට්ටමෙන් සම්බන්ධයක් තිබුණාදැයි පැමිණිල්ලේ නීතීඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

නීතිඥවරයා : සෞඛ්‍ය ඇමැතිවරයා වශයෙන් සිටියදී ඔබතුමා රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත වුණා ද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - සෞඛ්‍ය ඇමතිවරයා කාලෙ................ රුසියාවේ සංචාරයක නිරත වුණේ නැහැ මට මතක විදිහට.. මම රුසියාවේ සංචාරයක යෙදුණේ ජනාධිපතිව සිටි කාලේ කියලයි මට මතක. මට හරියටම මතක නැහැ... සෞඛ්‍ය ඇමති කාලෙ ගියාද නැද්ද කියලා.

නීතිඥවරයා - 2011 වර්ෂයේ දී ඔබතුමා රුසියාවේ මොස්කව් නුවර එක්සත් ජාතීන්ගේ වාර්ෂික සම්මේලනයට සහභාගි වුණ බව මතකද?

නීතිඥවරයා : ඒ අවස්ථාවේදී ඔහු රුසියානු තානාපති කාර්යාලය මගින් ඔබතුමා පිළිගත් බවත් සංග්‍රහ කළ බවත් මතකද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ඔව්. ආ... මතකයි. ආ දැන් මතක් වෙනවා.

නීතිඥවරයා - ඒ අවස්ථාවේදී රුසියාවේ තානාපතිවරයා වශයෙන් සිටියේ කවුද හිටපු ජනාධිපතිතුමනි?

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන - මං හිතන්නේ උදයංග වීරතුංග මහත්මයා වෙන්න ඕන හිටියේ.

නීතිඥවරයා - ඔබතුමා පිළිගැනීම උත්සවයක් සහ සංග්‍රහයක් තිබුණා නේද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන - ඔව්... තිබුණා, තිබුණා.

මේ අතර රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කළ පැමිණිල්ලකට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාද ඊයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා.

මෙහිදී වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා රවී කරුණානායක මහතාගෙන් විමසා සිටියේ" ඔබ මුදල් අමාත්‍යවරයා ලෙස සිටී සමයේදී සිය සේවාදායකයාගේ බැංකු ගිණුම් අක්‍රීය කිරීමක් පිළිබඳව දැනුවත්ව සිටියේද යන්නයි.

"නැහැ ස්වාමීනී මම පුදුමාකාර මුදල් ඇමතිවරයෙක් විදියට කටයුතු කළේ. මම මුදල් ඇමතිකම නිල වශයෙන් දැරුවාට මහ බැංකුව සහ වාණිජ බැංකු මගේ යටතේ තිබුණේ නැහැ" කරුණානායක මහතා පිළිතුරු දුන්නා.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාද ඊයේ පස්වරුවේ දේශපාලන පිළිගැනිම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් හෙවත් CSN නාලිකාව ආරම්භ කිරීමේදී රජයේ දේපොළ භාවිත කර ඇති බවට චෝදනා කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධියට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි.

එහිදී CSN නාලිකාවේ හිටපු අධ්‍යක්ෂක රොහාන් වැලිවිට මහතාද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

ඔහු සඳහන් කළේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් තමා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහ මහතා " මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මෙම නාලිකාව ආරම්භ කිරීමට ඔහුගේ මුදල් යොදවා ඇතැයි සාක්ෂි ලබාදෙන්නැයි තමාට අවස්ථා ගණනාවකදී බලපෑම් කළ බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top