වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය මධුෂ් රැගෙන ගොස් ඇත්තේ, කංජිපානිගේ කුඩු තිප්පොළකට බව හෙළිවේ
Tuesday, 20 October 2020 - 12:59 | Views - 1,281
වෙඩි හුවමාරුවකදී මිය ගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් රැගෙන ගොස් ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන්ට අයත් කුඩු තිප්පොළකට බවට  අනාවරණ වී තිබෙනවා.

මාකඳුරේ මධුෂ් මත්ද්‍රව්‍ය සොයා ගැනීමකට මාළිගාවත්ත - ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය වෙත අද(20) අලුයම රැගෙන ගොස් තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය සඟවා තිබූ නිවසේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන් හට වෙඩි තබා ඇති අතර, පොලිස් නිලධාරීන් ද ඊට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එහිදීයි මාකඳුරේ මධුෂ් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරයේ පසුවන මාකඳුරේ මධූෂ් එහි නිලධාරීන්ගේ අනුදැනුම මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට දුරකථන ඇමතුමක් ලබාදී මෙම නිවාස සංකීර්ණයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි.

ඒ අනුවයි අද අලුයම පොලීසිය සහ මාකඳුරේ මධුෂ් එම ස්ථානයට පැමිණ ඇත්තේ.

කෙසේ වෙතත්,  පසුව එම නිවාස සංකීර්ණයේ 10 වන මහලේ අදාළ නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා ගත්තා.

මීට අමතරව වෙඩි තැබීම පුද්ගලයින් පැමිණි යතුරුපැදියක් ද නිවාස පරිශ්‍රය ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත්තා.

වෙඩි හුවමාරුවේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

එක් අයෙකුගේ පාදයකට සහ අනෙක් පොලිස් කොස්තාපල්වරයාගේ පපු ප්‍රදේශයේ සුළු තුවාල පවතින බවයි රෝහල් ආරංචි මාර්ගක සඳහන් කළේ.

සිද්ධිය සිදුවූ මාළිගාවත්ත - ඇපල්වත්ත - ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණ පරිශ්‍රයට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් අද උදෑසන පැමිණියා.

මේ අතර, වෙඩි වැදීමෙන් මිය ගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය හඳුනා ගැනීම සඳහා ඔහුගේ බිරිඳ ද අද උදෑසන කොළඹ ජාතික රෝහල වෙත පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

දේහය මේ වන විට ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද දහවල් සිදුකිරීමට නියමිතයි.

මෙරටින් පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් මෙහෙය වූ මාකඳුරේ මධුෂ් එරට දී පොලිස් අත්අඩංගුවට පත්වුණේ 2019 පෙබරවාරි මස 5 වන දායි.

එහිදී ඔහු ඇතුළු 31 දෙනෙකු ඩුබායි පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ හෝටලයක් තුළ සාදයක් පවත්වමින් සිටි අතරතුරයි.

පසුව ඔහු ඇතුළු පිරිස ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ අතර, අනතුරුව ඔහු මෙරටට රැගෙන එනු ලැබුවේ පසුගිය වසරේ මැයි මස 5 වන දායි.

ඒ අනුව වසර එක හමාරකට අධික කාලයක් මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවාගෙන ප්‍රශ්න කළ අතර පසුව පසුගිය දා වැඩිදුර විමර්ශන සඳහා ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාර දෙනු ලැබුවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top