රිමාන්ඩ් කළ රිෂාඩ්, නිරෝධායන මධ්‍යස්ථානයට
Tuesday, 20 October 2020 - 8:56 | Views - 1,408

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්, මීගමුව - පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සඳහන් කළා.

එමෙන්ම, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අද සලකා බැලීමට නියමිතයි.

දින 6ක් පුරා පොලීසිය මඟ හරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයේ අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල - එබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාසයක සැඟව සිටියදියි.

මෙහිදී ඔහුට ගත වූ දින කිහිපය තුළ සැගව සිටීමට ආධාර අනුබල දුන් වෛද්‍යවරියක් ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එම පිරිසට වෛද්‍යවරියගේ සැමියා සහ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු ද සිටියා.

පසුව මෙම පිරිස ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙන්ම සෙසු සැකකරුවන් එළඹෙන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් සඳහන් කළේ සැකකාර රිෂාඩ් බදියුදීන් මෙම සිද්ධියේදී කටයුතු කර ඇත්තේ මහජන මුදලින් නඩත්තු වන මහජන නියෝජිතයෙකු ලෙස නොව රස්තියාදුකාරයෙකු ලෙස බවයි.

මෙන්ම, අවතැන්වූවන්ගේ සුබ සාධනය සඳහා පවතින අවතැන්වූවන්ගේ අරමුදලේ මුදල් දේශපාලන ව්‍යාපෘතියක් සඳහා යොදාගෙන තිබෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

එමෙන්ම, අවතැන් වූවන් ප්‍රවාහනය කිරීම සඳහා ලංගම බස් රථ ලබා ගැනීමේ සිද්ධිය නිරීක්ෂණය කිරීමේදී එය පෙර සැලසුමක් සහිතව සිදුකළ ක්‍රියාවක් බවට පැහැදිලි වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත විමර්ශන වාර්තාවක් ලබාදෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top