අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින්ට රැකියා
Tuesday, 20 October 2020 - 8:37 | Views - 2,587
පහළ ආදායම් ලබන පවුල් අතරින් තෝරා ගත් පුද්ගලයින් ලක්ෂයක් සඳහා රැකියා ලබාදීමට අදාළ ලිපි පත්වීම් ප්‍රදානය ආරම්භ වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ප්‍රථම අදියර සඳහා පුද්ගලයින් 34,818 දෙනෙකු තෝරාගෙන ඇති බවයි.

ඒ අනුව ඔවුන්ට ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 6ක විධිමත් පුහුණුවක් ලැබෙනු ඇති.

ඊට අදාළ සහතික පත්‍රයක් ද පසුව ප්‍රදානය කෙරෙන අතර, පුහුණු කාලසීමාව තුළ දී ඔවුනට රුපියල් 22,500ක මාසික දීමනාවක් ද ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

තෝරා ගත් සියළු දෙනා රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයින් වනවා.

පුහුණුවෙන් පසු අදාළ පිරිස අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු සඳහා යොමු කෙරෙනු ඇති.

එමෙන්ම, අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන තාක්ෂණය යොදාගෙන එළවළු සහ පළතුරු නිෂ්පාදනය කිරීමටත්, වනජීවි හා වන සංරක්ෂණ කටයුතුවලට මෙන්ම ග්‍රාමීය රෝහල් හා පාසල් සම්බන්ධ කටයුතුවලට අදාළ පිරිස යොමු කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Image may contain: text
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top