කොළඹ - නැව් තටාකාංගණයේ ,ගාල්ල - කරන්දෙනිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයා ආගිය තැන්
Tuesday, 20 October 2020 - 8:32 | Views - 1,064
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා පොකුරෙන් ඊයේ දිනයේදීත් තවත් ආසාදිතයින් 87දෙනෙකු වාර්තා වුණා.

අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 40 දෙනාගෙන් 21දෙනෙකු ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර, 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින අය වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිතයින් 2162 දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5625 ක් ලෙස දැක්වෙන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2172 ක්.

මේ අතර, කොළඹ - නැව් තටාකාංගණයේ සේවය කරන ගාල්ල - කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත පුද්ගලයා දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා බස් රියෙන් හෝ දුම්රියෙන් ගමන් කර ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

මේ වන විට කොළඹ, නැව් තටාකාංගණයේ සේවකයින් 8දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top