ඔස්ටේ්රලියාවේ කොරෝනා නීති රීති ලිහිල් කෙරේ
Tuesday, 20 October 2020 - 8:28 | Views - 385
ඔස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පැතිරයෑම පාලනය වීමත් සමග එරට කොරෝනා පාලන දැඩි නීතිරීති ලිහිල් කර තිබේ.
කොරෝනා පැතිරයෑම පාලනය සඳහා දින සියයකට වැඩි කාලයක් තිස්සේ වික්ටෝරියා ප්‍රාන්තය වසා දමා තිබිණි.
මෙල්බර්න් නගරයේ නීති රීති ලිහිල් කළද ආපන ශාලා වල ආහාර ගැනීමට ඉඩ නොදෙන අතර පිටතට රැගෙන යෑමට පමණක් ඉඩ දෙනු ලැබේ.
ජනතාවට කිලෝ මීටර් 25 ක් දක්වා ව්‍යායාම සඳහා හෝ විවිධ ද්‍රව්‍ය මිලදී ගැනීමට ගමන් කළ හැකි අතර උපරිම වශයෙන් දස දෙනකු බැගින් රැස්වීමට ඉඩ ලබාදී තිබේ.
ඒ වන විට පවතින තත්ත්වය සලකා බලමින් ලබන නොවැම්බර් මස දෙවැනිදා සිට මෙම නීති රීති තවදුරටත් ලිහිල් කිරීමට නියමිතය.
Share This Article