සෙල්ලම් කරමින් සිටි සිඟිත්තා ඇළට වැටී මරුට
Tuesday, 20 October 2020 - 7:39 | Views - 559
බකමුණ යාය 6 ඉහළ කොටසේ පදිංචි අවුරුදු 1 මාස 4ක් වයසැති පිරිමි දරුවකු දියේ ගිලි මිය ගොස් ඇතිබව බකමුණ පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ බකමුණ යාය 6 ගම්මානයේ පදිංචි පවුලක ඉමල්ෂ දිනුජ් බණ්ඩාර සමරනායක නමැති දරුවෙකි.
පෙරේදා (18 වැනිදා) වෙනි දින සවස 3.30 පමණ තම මව නිවසේ සිටියදී සෙල්ලම් කරමින් ඒමේ අත දුවමින් සිටි සිඟිති දරුවා නිවාස අසලින් ගලාබසින ඇළට වැටී දියේ ගිලීමෙන් මෙම මරණය සිදුවී ඇති බව බකමුණ පොලිසිය කියයි. ඇළට වැටී සිටි දරුවා බකමුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පොලොන්නරුව රෝහල වෙත ගෙනගොස් තිබේ. බකමුණ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. කේ. තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් මරණය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
Share This Article