ගිං ගඟට පැන සියදිවි නසාගන්නට තැත්කළ කාන්තාවක් පොලිස් කොස්තාපල්වරයෙකු බේරා ගනී
Tuesday, 20 October 2020 - 7:24 | Views - 771
බද්දේගම පොලීසිය අසළින් ගිං ගඟට පැන සියදිවි හානි කර ගැනීමට තැත්කළ කාන්තාවක් බද්දේගම පොලිස් විශේෂ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බේරාගෙන තිබෙනවා.
එලෙස සියසිවී හානි කරගැනීමට තැත් කර ඇත්තේ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ඊයේ (19) සවස බද්දේගම පොලීසියට පැමිණි කාන්තාවක් බව සඳහන්.
පසුව එම කාන්තාව බද්දේගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.
ඇය 26 හැවිරිදි දෙදරු මවක් බවයි පොලීසිය පවසන්නේ.
Share This Article