ජිනා මැඩම්ට අත්හිටවූ සිර දඬුවම්
Monday, 19 October 2020 - 14:18 | Views - 791
කාන්තාවන් පස්දෙනෙකු ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුලු අධිචෝදනා 05 කට වරදකරු වූ රෝස් මේරි ෆිලීෂියා පෙරේරා හෙවත් 'ජීනා මැඩම්' නැමති කාන්තාවට කොළඹ මහාධිකරණය, අද (19) බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළා.
එය වසර 10 කට අත්හිටවූ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල ඇයට ලක්ෂ පහක දඩයක් නියම කිරීමටයි නියෝග කළේ.
ගොනුකරන ලද අධිචෝදනා පහට වරද පිළිගත් විත්තිකාරියගේ වයෝවෘද්ධ භාවය සළකා බලා ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කොල්ලුපිටිය ප්රදේශයේ සුප්රසිද්ධ ගොඩනැගිල්ලක ඔත්තුකරුවන් යොදා දැඩි ආරක්ෂිත රැකවල් යටතේ පවත්වාගෙන ගිය අදාළ ගණිකා නිවාසය 2010 වසරේ වැටලූ පොලීසිය, රෝස් මේරි ෆිලීෂියා පෙරේරා හෙවත් 'ජීනා මැඩම්' ඇතුලු හයදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
Share This Article