රහසිගතව පැමිණ නාන කාමරවලට එබිකම් කළ පුද්ගලයෙකු මාට්ටුවෙයි
Monday, 19 October 2020 - 12:47 | Views - 548
රාත්‍රී කාලයේ රහසිහත ලෙස නිවෙස් වෙත පැමිණ නාන කාමර තුළට එබිකම් කරන පුද්ගලයෙක් පෝද්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෝද්දල පොලිසියට ලද පැමිණිලි කිහිපයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගාල්ල, වටරැක ප්‍රදේශයේ පිහිටි නිවෙස් කිහිපයක නාන කාමරවලට අදාල පුද්ගලයා මෙලෙස එබිකම්කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.
40 හැවිරිදි වියේ පසුවන අදාල සැකකරු සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන පෝද්දල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
අදාල සැකකරු කාන්තාවක් නාන කාමරයක් තුල සිටින අවස්ථාවේ ඒ තුලට එබිකම් කරන අයුරු ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
Share This Article