කටුනායක ආයෝජන කලාපයෙන් තවත් ආසාදිතයන් තිදෙනෙක් හමුවේ
Monday, 19 October 2020 - 11:45 | Views - 372
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් තවත් කොරෝනා අසාදිතයින් 3 තුන්දෙනෙකු වාර්තා වීමත් සමග එම කලාපයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 216 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදිතයන් 17 දෙනෙකු හමුවීමත් සමඟ ඊයේ හුදකලා කෙරුණු කළුතර - මතුගම ප්‍රදේශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මානවල අද දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
මේ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ආගමන විගමණ දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර www.immigration.gov.lk වෙබ් අඩවිය මගින් දිනයක් වෙන් කරගැනීම අනිවාර්ය කර ඇති බවයි.
Share This Article