ඇල්පිටියේ වෙඩි තැබීමක්
Monday, 19 October 2020 - 10:38 | Views - 564
ඇල්පිටිය - පිටිගල - ගොඩඅමුණ ප්‍රදේශයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් හතරදෙනෙකු අතර ඇතිවූ ආරවුලකදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා පසුව වෙඩි තැබීම කළ සැකකරුට තියුණු ආයුධයකින් පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට සහ ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මොවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article