විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ IPL පිටියේ සුපිරි තරඟය
Monday, 19 October 2020 - 8:31 | Views - 622
ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (18) පැවති තරඟ දෙක ජයගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් සමත් වුණා.

මෙම තරඟ දෙකේම ජය සුපිරි පන්දුවාරයකින් තීරණය වීම විශේෂත්වයක්.

කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රබාද් අතර තරඟයේ කණ්ඩායම් දෙකම ලකුණු 163 බැගින් ලබාගැනීම හේතුවෙන් සුපිරි පන්දුවාරයක් දක්වා තරඟය රැගෙන යාමට සිදු වුණා.

සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් හයිද්‍රබාද් කණ්ඩායම ලකුණු පන්දු 03ක් තුල කඩුලු 02ක් දැවී ලබා ගත්තේ ලකුණු 02ක් පමණයි.

කොල්කටා කණ්ඩායමට සුපිරි පන්දුවාරයේදී හිමිවූ ලකුණු 03ක ඉලක්කය පහසුවෙන් සපුරා ගනිමින් තරඟයේ ජය ඔවුන් සතුකරගත්තා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් අතර තරඟයේදී ද ජයග්‍රාහකයින් තීරණය කරනු ලැබුවේ ද සුපිරි පන්දුවාරයකින් වීම විශේෂත්වයක්.

එම තරඟයේදී කණ්ඩායම දෙකම ලකුණු 176 බැගින් ලබාගෙන ලකුණු සම තත්ත්වයේ පසු වුණා.

එහිදී සුපිරි පන්දුවාරයේ පමුව පන්දුවට පහරදුන් පන්ජාබ් පිළට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 05ක් පමණයි.

සුපිරි පන්දු වාරයේ දී ලකුණු 06ක ඉලක්කයක් හිමිවූ මුම්බායි පිලට එම ඉලක්කය පසු කර යාමට පන්ජාබ් පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂමි ඉඩ
ලබා නොදුන්නේ මුම්බායි පිල ද ලකුණු 05කට සීමා කරමින්.

සුපිරි පන්දුවාරයේදී ද ලකුණු සමවීම හේතුවෙන් පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට තරඟයක් දෙවන සුපිරි පන්දුවාරයක් දක්වා රැගෙන යන්නට මෙහිදී සිදුවුණා.

ඒ අනුව දෙවන සුපිරි පන්දුවාරයේදී පළමු පන්දුවට පහරදුන් මුම්බායි පිල එම පන්දුවාරය තුල ලකුණු 11ක් රැස්කළා.

පන්ජාබ් පිලට හිමිවූ ලකුණු 12ක ඉලක්කය ජය ගැනීමට පිටියට පිවිසි ක්‍රිස් ගේල් සහ මයාන්ක් අග්‍රාවාල් දෙවන සුපිරි පන්දුවාරයේ පන්දු 04ක් තුල එම ඉලක්කය පහසුවෙන් පසුකර යමින් පන්ජාබ් පිලට ජය ගෙන දුන්නා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top