මතුගම පෞද්ගලික බැංකුවක සේවකයෙකුටත් කොරෝනා
Monday, 19 October 2020 - 8:23 | Views - 844
ආමර් වීදිය පොලිස් මුරපොලේ සේවය කළ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම පොලිස් මුරපලේ සිටි තානාපතිවරයා ඇතුලු 16 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඊයේ පොලිස් මුරපොල විෂබීජහරණයට ලක් කිරීමෙන් පසුව වෙනත් නිලධාරීන් යොදවා වෙනත් කටයුතු ආරම්භ කළ බවයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ තවත් ආසාදිතයින් 61 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමඟ එම කොරෝනා පොකුර 2075 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5538 දක්වා ඉහළ ගිය අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දැක්වෙන්නේ 2,122 ක් ලෙසයි.

එමෙන්ම වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3,403 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 41 දෙනෙකුම කටුනායක ආයෝජන කලාපයෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ අනාවරණ කළේ.

ඒ අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් 1583 දෙනෙකු වාර්තා වනවා.

මේ අතර, කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවකයින් අද දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ පෞද්ගලික වාහනවලින් නොව කර්මාන්තශාලාව මගින් සපයන ප්‍රවාහන සේවා වලින් පමණක් බව කටුනායක පොලීසිය දැනුම් දෙනවා.

එම වෙළඳ කලාප සේවකයන් තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් සේ යොදා ගනිමින් සේවයට පැමිණෙන මුවාවෙන් වෙනත් ප්‍රදේශ වෙත ගමන් කර සිටියදී පසුගිය දා පොලිස් අත්අඩංගුවට ගත් අතර, මේ හේතුවෙන් එම පියවර ගත් බවයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ සඳහන් කළේ.

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 7 දෙනෙකු මේ වන විට කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව සීදුව - මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශය තුළින් ද කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වන අතර ඔවුන් ලග්ගල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ පල්ලේගම යන රෝහල් වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම, තවත් පෞද්ගලික බැංකුවක සේවකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ, මතුගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ආයතනයක සේවකයෙකුටයි.

මීට අමතරව වැල්ලවත්ත ප්‍රදේශයේ  පෞද්ගලික බැංකුවක සේවකයින් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ සඳහන් කළා.

මේ අතර, කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල සංකල්ප ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පවුල් 200යක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බවයි.

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top