සහරාන්ගේ සැලසුමක් ගැන පාස්කු කොමිසමේදී හෙළිවෙයි
Saturday, 17 October 2020 - 13:21 | Views - 699

ස්වයංඝාතකයින් 20 දෙනෙකු යොදා ගනිමින් පාස්කු දින ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් සැලසුම් කර තිබූ බව පාස්කු ප්‍රහාරය පිලිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පළමු වරට අනාවරණය වුණා.
කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ප්‍රකාශ කළේ, පළමු ප්‍රහාරයෙන් පසුව අදියර 3 ක් යටතේ ප්‍රහාරයන් රැල්ලක් සිදුකිරීමට සූදානම් වී සිටි බවට අත්අඩංගුවට ගත් සහාරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු ඊයේ ප්‍රකාශ කළේ, 2019 වසරේ මාර්තු මාසය වනවිට ජාතික තහ්විද් ජමාත් සංවිධානයේ නායක සහාරාන් හෂීම් සහ නවුෆර් මවුලවි අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් හට ගෙන තිබූ බවයි.
මෙම ගැටුම නිරාකරණය කිරීමට 2019 වසරේ මාර්තු 27 වැනිදා කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බකරු වූ අලහුදීන් අහමඩ් මුවාඩ් සහ දෙහිවල බෝම්බය පුපුරවාගත් ජමීල් ඊට මුල්ව කටයුතු කළ බවද ඔහු කොමිසම හමුවේ පැවසුවා.
එම දිනයේදී ගල්කිස්ස දුම්රිය පොළ අසළදී ඔවුන් දෙදෙනා මෝටර් රථයකින් පැමිණ සහාරාන්ගේ කණ්ඩායම් තවත් තිදෙනෙකු එම ස්ථානයෙන් නංවා පානදුර පරත්ත පාරේ පිහිටි සහාරාන්ගේ ආරක්ෂක නිවස වෙත මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගොස් තිබෙනවා.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයා එම අවස්ථාවේදී ආරක්ෂක නිවස තුළ සහරාන් සහ කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු වන අච්චියාර් මොහොමදු හස්තූන් සිට ඇති බවත් හෙළිවුණා ස්වාමීනි.
Share This Article