ප්‍රංශයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු කලාපීය රටවල් 8කට දැඩි සංචරණ සීමා
Friday, 16 October 2020 - 14:19 | Views - 593
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් යුරෝපා කලාපයෙන් වාර්තාවන ආසාදිතයින් ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු කලාපීය රටවල් 8ක් සඳහා දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ලොව පුරා වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් තුන්කෝටි 90 ලක්ෂය ඉක්මවා ගියා.

කොවිඩ් 19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අමෙරිකාවටයි.

මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩෙමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල සාමාජිකාවකටද කොවිඩ්
19 ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් ඇය සිය ඉදිරි ප්‍රචාරක රැළි අත්හිටුවා ඇති බවටයි වාර්තාවන්නේ.

ගෙවුණු දිනය තුළදී පමණක් යුරෝපා කලාපයෙන් නව කොවිඩ් 19 ආසාදිතයින් 140,000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගත්තා.

මේ වන විට වෛරසයේ වැඩි බලපෑමක් එල්ල වී තිබෙන ප්‍රංශයෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ඉක්මවා ගිය අතර ගෙවුණු දිනයේදී පැරිස් අගනගරය ඇතුළු ලේඩේ ප්‍රාන්ස් සහ තවත් නගර 9කට රාත්‍රී කාලයේ බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවීමට ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්ක්‍රෝන් පියවර ගත්තා.

බ්‍රිතාන්‍යයේද ලන්ඩන් නුවර ඇතුළු නගර රැසකට දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.

කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම සහ වෛරසයේ දෙවන රැල්ල ව්‍යාප්තිය පාලනය සඳහා ඉතාලිය, රුසියාව, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ චෙක් ජනරජයද තාවකාලිකව සිය නගර වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍යයේ එලිසබත් රැජිණ කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ මාස 7කට පසු ප්‍රථමවරට වීල්ශයර් හි රසායනාගාරයක් නිරීක්ෂණය සඳහා සහභාගී වුණා.
එහිදී 94 හැවිරිදි මහ රැජිණ මුහුණු ආවරණයක් පැළඳ සිටිනු දැක ගැනීමට හැකි වූයේ නැහැ තවමත් වෛරසයෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑම් පවතින්නේ අසල්වැසි ඉන්දියාවටයි.

වෛරසය මධ්‍යයේ මාස 8කට පසු එරට ප්‍රධාන සිනමාහල් විවෘත කළ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙසයි.

ගෙවුණු දිනය තුළදී එරටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 60,439ක් වූ අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,365,509ක් දක්වා ඉහළ ගියා.

ලොව තෙවැනියට වැඩිම බලපෑමක් පවතින බ්‍රසීලයේ නව ආසාදිතයින් 29,498 ක් වාර්තා වීමත් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,170,996 ලෙසයි දැක්වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top