කටුනායක කොරෝනා ආසාදිතයින් ඉහළයාම අවදානම් වෙයි
Friday, 16 October 2020 - 12:41 | Views - 2,414

කටුනායක නිදහස් වෙළද කළාපය ආශ්‍රිතව කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම යම් අවදානම් තත්ත්වයක් බවට පත් වී ඇති නමුත් එම තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.
මේ අතර ඇඳිරි නීතීය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳ සැල් නැවත විවෘත කිරීමත් සමග ඇතැම් ස්ථාන වල දිගු පෝලිම් දක්නට ලැබුණා.
ඊයේ දිනයේදී තවත් කොවිඩ්19 ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වීමත් සමඟ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1,789 දක්වා ඉහළ ගියා.
ඉන් විසි දෙදෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් වන අතර, අනෙක් 46 දෙනා ඇඟළුම් කර්මාන්තශාලා සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයින්.
මේ අතර කටුනායක නිදහස් වෙළද කළාපයෙන් වාර්තා වූ අසාදිතයින් 135 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින්ගෙන් 6 දෙනෙකුටද කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා.
මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙක්, නාවිකයන් දෙදෙනෙක් සහ මුහුදු ආරක්ෂකයෙකු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කොව්ඩ් 19 අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළද සංකීර්ණයේ වෙළසසැල් 32ක් වසා දමා තිබෙනවා.
ඉන් එක් වෙළදසැළක සේවකයෙකුගේ බිරිඳකට කොවිඩ් 19 අසාදිත බැවින් මෙම තීරණය ගෙන ඇති බවටයි එහි පරිපානය සඳහන් කළේ.
මේ අතර වත්තල - හැඳල හන්දිය ප්‍රදේශයේ බත් පැකට් විකිණු වෙළෙන්දෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔහුගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක් වන අතර ඇයටද කොවිඩ් 19 ආසාදිත බවට මීට පෙර හඳුනාගෙන තිබෙනවා.
අදාල පුද්ගලයා පසුගිය 3 වැනිදා දක්වා හැදල හන්දිය ප්‍රදේශයේ බත් පැකට් විකුණා ඇති බවට අණාවරණ කරගෙන තිබෙනවා.
ඊට ආසන්න දිනවලදී එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් පුද්ගලයින් සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය
නිළධාරීවරයාව දැනුවත් කරන ලෙසට සෞඛ්‍ය බළධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පොළොන්නරුව රෝහලට පසුගිය 13 වැනිදා ඇතුලත් කළ අරගලංවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවගේ පී.සී.ආර් පළමු පරික්ෂණයෙන් අනතුරුව ඇයට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබෙනවා.
ඒ හේතුවෙන් අදාල කාන්තාව ප්‍රතිකාර ලැබූ වාට්ටුව හුදෙකළා කර ඇති බව පොළොන්නරුව මහ රෝහලේල අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් මහතා සඳහන් කළා.
මේ අතර, කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාරවරියකට කොරෝනා ආසාදනය වීමත් සමඟ සේවා
ලබාගැනීම සඳහා ජනතාව පැමිණීම සීමා කර තිබෙනවා.
ඒ අනුව කොළඹ මහ නගර සභාවෙන් සේවා ලබා ගැනීම සඳහා භාරදිය යුතු සියලුම අයදුම්පත් නගර සභා ගොඩනැගිල්ල අසල පිහිටි ‘සපිරි පියස’ කවුළුව
වෙත භාරදීමට කටයුතු යොදා ඇති බව සඳහන්.
වරිපනම් බදු ගෙවීම් කොළඹ නගරයේ රාජ්‍ය බැංකු ශාඛා හරහා සිදුකළ හැකි බවයි මහ නගර සභාව දැනුම් දෙන්නේ.
මීට අමතරව බදු හා කුලී ගෙවීම් අන්තර්ජාලය හරහා සිදුකරන ලෙසටද එමඟින් දැනුම් දෙනවා.
මේ අතර පවතින වසංගතත තත්ත්වය හමුවේ බන්ධානාගර වල රැදවියන් වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අදහස් පළ කළා.
මිනුවන්ගොඩ පොලිස් වසමේ ග්‍රාමනිළධාරී වසම් 05ක් මේ වන වටි හුදෙකලා කර ඇති අතර එහි පවුල් 78ක් නිරෝධායනය සදහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා.
ඒ ගනිහිමුල්ල , පේරලන්ද , හොරම්පැල්ල - උතුර , හොරම්පැල්ල - දකුණ සහ හොරම්පැල්ල යන ග්‍රාමසේවා වසම්.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අද උදෑසන අටේ සිට රාත්‍රි දහය දක්වා ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් විවෘතව තැබෙන බව නියෝජ්‍ය
පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
ඒ හිරු ටී.වී බලය වැඩසටහනට එක්වෙමින්.
ඇඳිරි නීතිය පැවති එම ප්‍රදේශවල පසුගිය සතියේ දින 03 ක කාලයක් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වෙළඳසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත්, පැවති තත්ත්වයත් සමඟ යළිත් එය තාවකාලිකව නතර කෙරුණු අතර, ඉන් අනතුරුවයි අද වෙළඳසැල් විවෘත වන්නේ.
ඒ අනුව වෙළදසැල් විවෘත වූ අද උදෑසන දිගු පෝලිම් දක්නට ලැබුණා.
මේ අතර, ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 167 දෙනෙකු සහ රථවාහන 40ක් මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙරට මුළු අසාදිතයින් සංඛ්‍යාව 5244 දක්වා අද ඉහළ ගියා.
ඒ අනුව මේ වනවිට කොවිඩ්19 වෛරසය ආසාදනය වී රෝහල් ගතකර ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1851 ක්.
කොවිඩ් 19 අසාදිතව සිට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3380ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article