මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට හෙට පැය 12ක ජල කප්පාදුවක්
Friday, 16 October 2020 - 10:48 | Views - 1,795
මොරටුව ප්‍රධාන ජලපොම්පාගාරයේ නළ මාර්ගයක සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී අටේ සිට පැය 12 ක කාලයක් මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් එම මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ජල සැපයුම අඛන්ඩව ක්‍රියාත්මක වනු ඇති.
එගොඩඋයන සහ මෝදර ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමට කටයුතු යොදා ඇති බවයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ.
මේ අතර අම්බලන්තොට, ගල්වැව, බැල්ලගස්වැව, මානජ්ජාව, පහළ බැරගම, උඩබැරගම, අරවනමුල්ල සහ සමෝදාගම යන ප්රදේශවලටද අද උදෑසන 9 සිට හෙට පෙරවරු 9 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළා.
Share This Article