කෝටියක් වටිනා පිළිකාකාරක සහිත රූපලාවන්‍ය ආලේපන තොගයක් මාට්ටු
Friday, 16 October 2020 - 10:32 | Views - 592
කෙසෙල්වත්ත - සයිබු මාවතේදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් පිළිකාකාරක අඩංගු සම පැහැපත් යොදාගන්නා ආලේපන සහිත ඇසුරුම් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පාකිස්ථාන ජාතිකයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
පොලිස් භාරයට ගත් පාකිස්ථානයෙන් ආනයනය කරන ලද සම පැහැපත් කරන ආලේපන සහිත ඇසුරුම් සංඛ්‍යාව අටදහසක්.
එම ආලේපන සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පාරිභෝගික අධිකාරිය වෙත භාරදී තිබෙනවා.
Share This Article