නිරෝධායන නීති උල්ලංඝනය කළොත් දඬුවම්
Friday, 16 October 2020 - 9:52 | Views - 390
නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය ඊයේ නිකුත් කෙරුණා.

ඊයේ දිනයේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊට අත්සන් තැබූ අතර, ඉන් අනතුරුවයි එය ගැසට් කිරීම සඳහා යොමු කෙරුණේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට රුපියල් දස දහසකට නොවැඩි දඩයක්, මාස 06 ක සිරදඬුවමක් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මෙමඟින් හැකියාව ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම ගැසට් පත්‍රයෙන් ව්‍යාපාරික සහ සේවා ස්ථානවලට ඇතුළුවීම මෙන්ම පවත්වාගෙන යාම පිළිබඳවද කරුණු ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුළුවන සෑම තැනැත්තෙකුම මුඛ ආවරණ පැළඳ සිටීම, දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු දුරස්ථභාවයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය වන අතර, සේවා ස්ථානයට ඇතුළුවීමට පෙර සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම අනිවාර්ය වනු ඇති.

එසේම, විෂබීජනාශක දියර සමඟ ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීමද සිදුකළ යුතුයි.

සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව, ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීමද ඒ අතර වනවා.

නිරෝධායන නීති ඇතුලත් ගැසට් නිවේදනය පහතින්


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top