බස් නැවතුම්පොළේදී බස් රථයක් මතට කඩාපාත් වුණු විශාල ගස
Friday, 16 October 2020 - 9:44 | Views - 932
වවුනියාව සෙට්ටිකුලම බස් නැවතුම්පොළේදී බස් රථයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ කිසිවෙකු සිට නොමැති බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
එහි නවතා තිබූ ලංගම බස් රථයක් මතටයි මෙලෙස දැවැන්ත පලු ගස කඩා වැටී ඇත්තේ.
පවතින අධික සුළං තත්වය සමග ගස කඩා වැටී ඇති බවටයි සැක පළකරන්නේ.
අනතුර හේතුවෙන් ලංගම බස් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article