කොරෝනා වසංගතයෙන් එක්කෝටි දස ලක්ෂයක් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය නවතී
Friday, 16 October 2020 - 9:21 | Views - 490
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය නිසා ලොව පුරා පනවා ඇති සීමාවන් ඉවත් කළද එක්කෝටි දස ලක්ෂය ඉක්මවූ ගැහැණු දරුවන් නැවතත් පාසල් වෙත නොපැමිණෙනු ඇතැයි යුනෙස්කෝ සංවිධානය පවසනවා.
එහි ප්‍රධානී ඕද්‍ර ඇෂොලේ මේ බව ප්‍රකාශ කළේ කොංගෝ ජන රජයේ චාරිකාවක නිරතවෙමින්.
කොරෝනා වසංගතයත් සමඟ රටවල් රැසක පාසල් වැසීයාමේ තත්ත්වයක් පවතිනවා.
එමෙන්ම ලොව පුරා අධ්‍යාපනයේ අවස්ථා සමාන නොවන නිසා ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට ප්රමුඛත්වයක් හිමිවන්නේ නැහැ.
මේ තත්ත්වය මත ලොව පුරා එක්කෝටි දස ලක්ෂය ඉක්මවූ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය අහිමිවනු ඇති බව යුනෙස්කෝ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article