බ්‍රැන්ඩික්ස් පොකුරේ මූලාශ්‍රය ගැන යුද හමුදාපතිවරයාගෙන් ඉඟියක්
Friday, 16 October 2020 - 8:41 | Views - 2,860
බ්‍රැන්ඩික්ස් පොකුරේ මූලාශ්‍රය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිදුකෙරෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ අද උදෑසන ඇරඹුණු හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.

මුලාශ්‍රය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණ ස්ථාන කිහිපයක් කෙරෙහි යොමුවී ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව විදේශ රටවල සිට පැමිණි අයෙකුගේ ආශ්‍රිතයෙකුගෙන් කොරෝනා වෛරසයේ බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්බ වී ඇති බවට සැකපළකරන බවයි.

ඒ අනුව අදාල තොරතුරු ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිතව අනාවරණය කෙරෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර බුද්ධි අංශ බ්‍රැන්ඩික්ස් පොකුරේ පැතිරීම වැලැක්වීම සඳහා ඉදිරියට ආසාදනය විය හැකි පුද්ගලයන් සොයමින් ඔවුන් ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලියක නිරතව ඇති බවද එහිදී සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top