බ්‍රැන්ඩික්ස් පොකුරේ මූලාශ්‍රය ගැන යුද හමුදාපතිවරයාගෙන් ඉඟියක්
Friday, 16 October 2020 - 8:41 | Views - 2,861
බ්‍රැන්ඩික්ස් පොකුරේ මූලාශ්‍රය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිදුකෙරෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ අද උදෑසන ඇරඹුණු හිරු TV පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින්.
මුලාශ්‍රය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණ ස්ථාන කිහිපයක් කෙරෙහි යොමුවී ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව විදේශ රටවල සිට පැමිණි අයෙකුගේ ආශ්‍රිතයෙකුගෙන් කොරෝනා වෛරසයේ බ්‍රැන්ඩික්ස් පොකුර ආරම්බ වී ඇති බවට සැකපළකරන බවයි.
ඒ අනුව අදාල තොරතුරු ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිතව අනාවරණය කෙරෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
මේ අතර බුද්ධි අංශ බ්‍රැන්ඩික්ස් පොකුරේ පැතිරීම වැලැක්වීම සඳහා ඉදිරියට ආසාදනය විය හැකි පුද්ගලයන් සොයමින් ඔවුන් ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලියක නිරතව ඇති බවද එහිදී සඳහන් කළා.
Share This Article