දේශීය ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 100 කට මිලට ගැනීමේ තීරණයක්
Thursday, 15 October 2020 - 15:57 | Views - 385
ලොකු ළුෑණු ගොවීන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් දේශීය ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 100 කට මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
ලොකු ළුෑණු සඳහා පනවා තිබූ ආනයනික බදු ඉවත් කිරීමට පෙරේදා තීරණය කෙරුණු අතර, අනතුරුව දේශීය ලොකු ළුෑණු ගොවීන් ප්‍රකාශ කළේ මේ හේතුවෙන් තම අස්වනු නිසි මිලකට අලෙවි කරගත නොහැකි බවයි.
එම කරුණු සැලකිල්ලට ගනිමින් අනුරාධපුරය, පොලොන්නරුව, වව්නියාව සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට දිසාපතිවරුන්ට ලොකු ළුෑණු කිලෝවක් රුපියල් සියයකට මිලදී ගැනීම සඳහා මුදල් වෙන්කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ කියා සිටියේ.
Share This Article