නීති කැඩූ මාලිඟාවත්තේ ටියුෂන් පන්තියක, ගුරු - සිසු 30ක් නිරෝධායනයේ
Thursday, 15 October 2020 - 14:57 | Views - 718
කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා නිවැරදි නිරෝධායන නිර්නායක සකස් කර ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට සිවිල් සමාජ ක්‍රියාකාරීන් 05 දෙනෙකු අද රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එමඟින් ඔවුන් ඉල්ලා ඇත්තේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් ඇඟළුම් සේවක සේවිකාවන් ගැටලු බොහොමයකට මුහුණ දී ඇති බවයි.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වූ මොරටුමුල්ල - ශ්‍රී ප්‍රේමරත්න මාවතේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඇය වාසය කළ මාවතේ නිවාස 12 ක පුද්ගලයින් ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

එසේම, ඇය සමඟ මංගල උත්සවයට සහභාගි වූ පිරිස ගමන්ගත් බස් රථයේ සිටි මොරටුමුල්ල, විල්ලෝරාවත්ත, රාවතාවත්ත, කඩොලාන, එගොඩඋයන සහ කොරලවැල්ල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසක්ද ස්වයං නිරෝධානයට ලක්කර තිබෙනවා.

මාළිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රාසා උපකාරක පන්තියක ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් 28 දෙනෙකු ඊයේ ස්වයං නිරෝධානයට ලක්කර තිබෙනවා. ඒ, නිරෝධායන රෙගුලාසි කඩකරමින් උපකාරක පන්ති පැවැත්වීම හේතුවෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top