පානදුර යතුරුපැදි අනතුරින් තුවාල ලැබූ පානදුර උතුර OIC ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට
Thursday, 15 October 2020 - 14:41 | Views - 1,267

පානදුර - හේනමුල්ල ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදි දෙකක් පානදුර - උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් කළ ජීප් රථයේ ගැටීමෙන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පොලිස් ස්ථානාධිපතිවරයාගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදුවී ඇති අතර ඒ සඳහා ශෛල්‍යකර්මයක් සිදුකරන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් එක් අයෙකු ද මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
අධික වේගයෙන් යතුරුපැදි දෙකක් පානදුර - වලාන ප්‍රදේශයේ සිට පල්ලිමුල්ල ප්‍රදේශය හරහා ධාවනය වන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව පානදුර - උතුර පොලිස් ස්ථානධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් එම ස්ථානයට ගොස් ඇත්තේ ඊයේ රාත්‍රී 12ට පමණයි.
පසුව මාර්ගය අසළ රැදී සිටි තරුණයින් පිරිසක් සෝදිසි කරමින් සිටින අතරතුර වලාන ප්‍රදේශයේ සිට අධික වේගයෙන් පැමිණි එක් යතුරුපැදියක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇගේ ගැටී තිබෙනවා.
අනෙත් යතුරුපැදිය ජීප් රථයේ ගැටී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
යතුරුපැදිවල ගමන් කළ දෙදෙනා 18 හැවිරිදි පානදුර - උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
Share This Article