පානදුර යතුරුපැදි අනතුරින් තුවාල ලැබූ පානදුර උතුර OIC ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට
Thursday, 15 October 2020 - 14:41 | Views - 1,268
පානදුර - හේනමුල්ල ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදි දෙකක් පානදුර - උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් කළ ජීප් රථයේ ගැටීමෙන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පොලිස් ස්ථානාධිපතිවරයාගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදුවී ඇති අතර ඒ සඳහා ශෛල්‍යකර්මයක් සිදුකරන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් එක් අයෙකු ද මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අධික වේගයෙන් යතුරුපැදි දෙකක් පානදුර - වලාන ප්‍රදේශයේ සිට පල්ලිමුල්ල ප්‍රදේශය හරහා ධාවනය වන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව පානදුර - උතුර පොලිස් ස්ථානධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් එම ස්ථානයට ගොස් ඇත්තේ ඊයේ රාත්‍රී 12ට පමණයි.

පසුව මාර්ගය අසළ රැදී සිටි තරුණයින් පිරිසක් සෝදිසි කරමින් සිටින අතරතුර වලාන ප්‍රදේශයේ සිට අධික වේගයෙන් පැමිණි එක් යතුරුපැදියක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇගේ ගැටී තිබෙනවා.

අනෙත් යතුරුපැදිය ජීප් රථයේ ගැටී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

යතුරුපැදිවල ගමන් කළ දෙදෙනා 18 හැවිරිදි පානදුර - උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top