වැලිකඩ සිද්ධිය ගැන යළි විමර්ශනයක් ආරම්භ කළ හේතුව පූජිත් හෙළිකරයි
Thursday, 15 October 2020 - 14:20 | Views - 618

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවු කැරැල්ලේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යළි විමර්ශනයක් ආරම්භ කළේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පත්කළ කමිටුවේ නිර්දේශ අනුව බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.
ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට අදාළව තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලනිකව පළිගැනීමේ චේතනාවෙන් සිදු කර ඇති බවට හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා ජනාධිපති කොමිසමට කල පැමිණිල්ලකට අදාලව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබෙනවා.
2012 නොවැම්බර් මාසයේ සිදු වූ සිද්ධියක් පිළිබඳව වසර පහකට පසු එනම්, 2017දී නැවත විමර්ශන ආරම්භ කළේ ඇයිදැයි කොමිසම පුජිත් ජයසුන්දර
මහතාගෙන් විමසුවා.
ඔහු සඳහන් කලේ , රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත හිටපු අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා විසින් පත්කළ කමිටුවක්, පොලිස්පතිගේ මෙහෙයවීම යටතේ වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබූ බවයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ලැබුණු නීතිපති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් සිදු කරන්නැයි තමා දැනුම් දුන් බවත් පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරයා පෙන්වා දුන්නේ , මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට නීතිපතිවරයා 2017 ජූලි 17 වැනිදා ලිපියක් යොමු කර ඇති නමුත් පූජිත් ජයසුන්දර මහතා සී.අයි.ඩී. යට උපදෙස් ලබාදී ඇත්තේ ඊට පෙර දිනක දී බවයි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව ස්වාමිනාදන් විසින් පිහිටවු කමිටුවක් විසින් ගනු ලැබූ තීන්දුවක් මත එනම් දේශපාලන බලාධිකාරයේ උවමනාවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර සිය සේවාදායකයා අගතියට පත් කර ඇති බවට, පැමිණිල්ල මෙහෙයවූ නීතිඥවරයා පුජිත් ජයසුන්දර මහතාට යෝජනා කළා.
එම චෝදනාව ප්‍රතික්ෂේප කල පුජිත් ජයසුන්දර මහතා සඳහන් කලේ, තමා පොලිස් නිළධාරියෙකු ලෙස විමර්ශන සිදු කලා හැරෙන්නට කිසිඳු අවස්ථාවක දේශපාලඥයන්ගේ තීන්දු ක්‍රියාත්මක කිරීමට මැදිහත් නොවුණ බවයි.
මේ පිළිබඳ විමර්ශන සිදු කරනවානම් 2017 ට පෙර සිදු නොකලේ ඇයි දැයි සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් විමසුවා.
පූජිත් ජයසුන්දර මහතා එහිදී නිහඬව සිටි අතර සභාපති විනිසුරු නැවත ප්‍රශ්න කළේ ඊට පිළිතුරු ලබාදීමට තමා බියක් දක්වන්නේද යන්නයි.
"මම බය වෙන්නේ මොකටද ස්වාමිනි. මට වෙන්න තියන හැම දෙයක්ම දැන් වෙලා ඉවරයි" යැයි පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබා දුන්නා.
Share This Article