අඩු කළ මිලට බඩු දෙන්න, සති දෙකක් යන බව ආනයනකරුවන් කියයි
Thursday, 15 October 2020 - 14:02 | Views - 564
පරිප්පු, සීනි, ලොකු ළුෑණු සහ ටින් මාළු වල ආනයනික බදු ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.

එහි සෝදුපත් පරීක්ෂා කිරිම සඳහා ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරියට මේ වන විට යොමු කර තිබෙනවා.

එය අනුමත වී පැමිණි පසු අදාළ ගැසට්ටුව මුද්‍රණය කරන බවයි රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී.රාජේන්ද්‍රන් කියා සිටියේ රජය අඩු කළ මිලට භාණ්ඩ ලබාදීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වන බවයි.

එමෙන්ම, අඩුකළ මිලට අලෙවි කිරීම සඳහා භාණ්ඩ තමන්ට නොලැබෙන බව වෙළදුන් කිහිපදෙනෙකු ද ප්‍රකාශ කළා.

භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයින් කිහිප දෙනෙකු ද මෙලෙස අදහස් දක්වා සිටියා.

සීනි රුපියල් 80 කටත්, ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 200 කටත්, බී ළුෑණු කිලෝග්‍රෑමයක් රුපියල් 100 මිලකට අලෙවි කරන ලෙසට සහ පරිප්පු සඳහා වන ආනයනික බද්ද ද රජය ඉවත් කරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top