ප්‍රහාරය ගැන තොරතුර ලැබුණනම් රට අතහැරලා යන පහත් මට්ටමක මම හිටියේ නෑ
Thursday, 15 October 2020 - 13:59 | Views - 564

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස්වුවහොත් තානාපති ධුරයක් ලබාදෙන බවට තමන් පූජිත් ජයසුන්දර මහතාට කිසිසේත් නොපැවසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා අනාවරණය කළේ මේ වනවිට රටින් පළාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පසුපස ක්‍රියාත්මක වූයේ LTTEයේ ජාත්‍යන්තර බලවේග බවයි.

තමා රටින් පිටවුණේ පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව බවට එල්ලවන චෝදනාද හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරුවේ තුන්වෙනි දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළේ 2018 ඔක්තෝබර් මාසයේ ඇතිවූ ව්‍යවස්ථා අර්බුදයෙන් පසු නැවත අගමැති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් සඳහා කැදවූයේද යන්නයි.

තමන්ට ඒ පිළිබඳ මහතකයක් නැතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පිළිතුරු ලබාදුන්නා.

අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම එළඹෙන 17 වැනිදා පෙරවරුව තෙක් කල් තැබුණා.

උපුටා ගැනීම

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය -
ඔබ තව අවස්ථාවක ප්‍රහාරය සිදුවුණාට පස්සෙ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්තයා ගෙන්නලා කිව්වද මේකෙ වගකීම භාර අරන් ඉවත් වුණොත් කැමති රටක තානාපති කමක් දෙන්නම් කියලා

හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන -
ඒක සම්පූර්ණයෙන් බොරුවක්. තානාපති කමක් දෙන්නම් කිව්වා පූජිත් අර නුවර පෙරහැරේ නටපු වෙලාවේ. එතකොට මම කිවවා ඉවත් වෙලා යන්න මම වෙන පොලිස්පති කෙනෙක් පත්කරගන්නම් කියලා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය -
මේ ප්‍රහාරය ගැන දැනගෙනයි ඔබ රටින් පිටවුණේ කියලා මේ කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇත්නම් ඔබතුමා එය පිළිගන්නවාද ?

හිටපු ජනාධිපති - මෛත්‍රීපාල සිරිසේන -
කිසිසේත්ම නැහැ ස්වාමීනි ඒක අසත්‍යයක්. ඒ තොරතුර ලැබුණනම් රට අතහැරලා යන පහත් මට්ටමක මම හිටියේ නැහැ. මේක කවුරුන් හෝ ගොතපු කතාවක්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top