නිරෝධායන ඇදිරි නිතිය කඩකරමින් උමඟක් හැරූ හේතුව
Thursday, 15 October 2020 - 12:50 | Views - 683
නිරෝධායන ඇදිරි නිතිය කඩකරමින් වැලිවේරිය, නැදුන්ගමුව ප්‍රදේශයේ නිවසක් පිටුපස නිදන් හාරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඇතුළු සිවුදෙනකු අද (15) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් හිමිකරුවෙකු, අදාළ නිවසේ හිමිකරු සහ බන්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් විසින් නිවස පිටුපස විවිධ හැඩතලයෙන් අඩි34 ක් යටට කපා ඉන්අනතුරුව දෝනාවක් කැපිම ආරම්භ කර තිබූ බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

උදලු 02 ක්, අලවංගුවක්, ලණුවක් ඇතුළු බිම කැපිම සදහා යොදා ගෙන තිබූ තවත් උපකරණ රැසක් එහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිවේරිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top