නිරෝධායන ඇදිරි නිතිය කඩකරමින් උමඟක් හැරූ හේතුව
Thursday, 15 October 2020 - 12:50 | Views - 684
නිරෝධායන ඇදිරි නිතිය කඩකරමින් වැලිවේරිය, නැදුන්ගමුව ප්‍රදේශයේ නිවසක් පිටුපස නිදන් හාරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඇතුළු සිවුදෙනකු අද (15) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැල් හිමිකරුවෙකු, අදාළ නිවසේ හිමිකරු සහ බන්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු බවයි සඳහන් වන්නේ.
සැකකරුවන් විසින් නිවස පිටුපස විවිධ හැඩතලයෙන් අඩි34 ක් යටට කපා ඉන්අනතුරුව දෝනාවක් කැපිම ආරම්භ කර තිබූ බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
උදලු 02 ක්, අලවංගුවක්, ලණුවක් ඇතුළු බිම කැපිම සදහා යොදා ගෙන තිබූ තවත් උපකරණ රැසක් එහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිවේරිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article