කුලී නිවාසයකදී අලුත බැඳපු ජෝඩුවකට, අහම්බෙන් වගේ මුණගැහුණු ඇන්ජිගේ අඳුරු ආත්මය කළ දේ - Video
Thursday, 15 October 2020 - 12:36 | Views - 540

විශ්වාසය හා අවිශ්වාසය අතර ජීවිතය දෝලනය වෙද්දි මිනිසුන් වැඩිපුරම විශ්වාසය තැබුවේ විශ්වාස කළ නොහැකි දේවල් මතයි..
තර්කයට බුද්ධියට හසු නොවන අදෘශ්‍යමාන ගුප්ත බලවේග දෘෂ්‍ය මානයේ පවතින ජීවිත-වලට කරන බලපෑම කලක සිටම මිනිසුන් අත්විඳ තිබුණා.
ඒ.. අත්දැකීම් ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ විශ්වාසයන් ගලා ගියා. විටෙක රාත්‍රීයේ අඳුරේ හුදකලාවේ පාළු මංසන්දියේ සුසාන භූමියේදී අදෘශ්‍යමාන බලවේග භූත ප්‍රේත හොල්මන් අවතාර ලෙසින් කළ බලපෑම ගැන වඩා වඩාත් විශ්වාස කරමින් භීතියට පත් වී තිබුණා.
මරණයෙන් පසු මරණයෙන් පිබිදුණු විශ්වයේ සැරිසරන අදිසි ගුප්ත බලවේග සොයා යන.. නවතම ටෙලිවිෂන් රූ මාලාවයි... "අඳුරු සෙවනැලි".
හිරු ටීවී නිෂ්පාදනයක් ලෙසින් දිග හැරෙන, "අඳුරු සෙවනැලි" අද්භූත ටෙලි නාට්‍ය මාලාව, සෑම අඟහරුවාදාවකම රාත්‍රී 10.30 ට හිරු TV ඔස්සේ විකාශනය වනවා.
මේ එහි 13 වැනි දිගහැරුමයි..............
අලුත විවාහ වූ කල්ප හා තේජා "කුලී නිවසකට" පැමිණෙන්නේ තමන් දෙදෙනා "එක වහළක් යටට වීමේ" සිහිනය සැබෑ කරගැනීමේ බලාපොරොත්තුව ඇතුවයි..
මේ සුඛෝපබෝගී "කුලී නිවස" අවම මුදලකට ලබා දීම ගැන "කල්පට" පුදුම සහගත බවක් දැණුනා වුණත්.. ඒ දේ ගැන ඔහු වැඩිපුර ඔලුව වෙහෙසන්න ගියේ නැහැ. ඒ අතරතුරදී තමයි ඔවුන් දෙදෙනාටම දැනෙන්නේ, ඔවුන්ට අමතරව තවත් එක්තරා "අඳුරු ආත්මයක්" මේ නිවස අරක් ගෙන ඉන්න විත්තිය..
ඒ කවුද කින්ද මන්ද නොදන්නවා වුනත් වරින් වර තමන් ඉදිරියේ මේ "අවතාරය" පෙනී සිටින බව කල්ප පුන පුනා තේජාට කියන්න ගන්නවා.
තේජා ඒක විශ්වාස කරන්නේ නැහැ. මේ කියන "අඳුරු ආත්මය" පේනවාටත් වඩා "අතිශය දරුණූ" එකක් බව තේජාට කියන්නේ අසල්වැසි කාන්තාවක්.
ඒ විදිහට එළි පෙහෙළි වුනු කතාන්දරය අනුව, මේ නිවසේ හිටපු දඩබ්බර කෙල්ලක් ගැන කතාවක් තේජාට දැනගන්න ලැබෙනවා. ඇගේ නම ඇන්ජී. බීමටත් පාටිවලටත් ඇබ්බැහි වුනු මේ දඟකාර කෙල්ලව "තරවටු" කරලා හදන එක දෙමව්පියන්ට කරන්න බැරි වෙනවා.
එකේ ප්‍රතිඵලය වුනේ ඇන්ජි තරුණයෙකු අතින් ගැබ් ගැනීම. මේ දරුවා භාර ගැනීම ප්‍රතික්ෂේප කරපු තරුණයා ඇයව මඟ හරිනවා. අවසානයේ ජීවිතේ ගැන දරුණු තීරණයක් ගත්තූ "ඇන්ජී" මේ ලෝකෙන් සමුගෙන යන්න තීරණය කරනවා.
ඇගේ අඳුරු ආත්මය තමයි මේ විදිහට නැවත වතාවක් ඇවිත් තියෙන්නේ.
මේ බිහිසුණු කතාන්දරයේ ඉතිරි කොටස පහත වීඩියෝවෙන් බලන්න..
Share This Article