ගම්පහට 5000 දීමනාව ඉල්ලා දිස්ත්‍රික් ලේකම්ගෙන් මුදල් අමාත්‍යංශයට ලිපියක්
Thursday, 15 October 2020 - 12:30 | Views - 751


කොවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල සිටින ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව 3වන අදියර යටතේ ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශයේ පවුල් 72,345ක් වෙනුවෙන් රුපියල් 361,725,000 ප්‍රතිපාදන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ලබා දෙන ලෙස එමගින් ඉල්ලා
ඇත්තේ.

ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 130 දෙනෙකු අලුතින් හඳුනාගැණුනා.

ඒ අතරින් පස්දෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලෙහි සේවකයින් වන අතර, සෙසු 125 දෙනා එම කම්හලේ සේවය කරන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර 1721 දක්වා ඉහළ ගියා.

මේ අතර, කටුනායක ආයෝජන කලාපය තුළින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට 111 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ, මීට පෙර සිදුකළ PCR පරීක්ෂණ 150ක වාර්තා ඊයේ නිකුත් වීමෙන් පසු ඉන් 37 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගැනීමත් සමගයි.

කටුනායක ප්‍ර දේශයෙන් මෙලෙස කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවන පසුබිමක මීගමුව කොට්ඨාසයේ කටුනායක පොලිස් බල ප්‍රදේශයට අද අලුයම 5 සිට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට පියවර ගත්තා.

මේ අතර, කටුනායක පොලිස් බල ප්‍රදේශයට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු පොලිස් බල ප්‍රදේශ 18කට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත්
ක්‍රියාත්මක අතර, ගතවූ පැය 24 තුළ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේවන විට අත්අඩංගුවට පත්ව ඇති නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් ගණන 142ක්.

මේ අතර, කොවිඩ් 19 ආසාදිත කාන්තාවකගේ සැමියෙකු කොළඹ මැනිං වෙළෙඳපොළේ සේවකයෙකු වීම හේතුවෙන් එහි වෙළෙඳසැල් 70ක් ඊයේ
තාවකාලිකව වසා දමා විෂබීජහරණය කිරීමෙන්පසු අද යළි විවෘත කෙරුණා.

මේ අතර, තිස්සමහාරාම සේනපුර පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරුවී තිබෙනවා.

යාල සංචාරක හෝටලයක සේවකයෙකු වන මොහු රෝගී තත්ත්වයක් හේතුවෙන් දෙබරවැව මූලික රෝහලට ඇතුළත්ව ඇත්තේ පසුගිය 13 වැනිදායි.

එහිදී PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු නිරෝධායනය වන ලෙසට උපදෙස් දී නිවසට පිටත්කර ඇති අතර, එම පුද්ගලයා ඊයේ දහවල් ත්‍රිරෝද රථයක නැග ගොස් වෙනත් නමකින් හම්බන්තොට මහ රෝහලේ 18 වාට්ටුවට ඇතුළත්වී තිබෙනවා.

කෙසේ වෙතත් PCR වාර්තාවට අනුව අදාළ පුද්ගලයාට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් 30 දෙනෙකු පමණ මේවන විට
නිරෝධායනයට යොමුකර තිබෙනවා.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා පැමිණි කාන්තාවක් වෛද්‍යවරුන් සමග නිශ්චිත තොරතුරු සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් හික්කඩුව රජයේ රෝහල වෙත යොමු කර PCR පරීක්ෂණයකට යොමුකර තිබෙනවා.

එම PCR වාර්තාවේ ප්‍රතිඵලය ලැබෙනතුරු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

මේ අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ මහජනතාවට හඳුන්වාදී ඇති සරළ කරුණු 4ක් මත පදනම්වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව මහජන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා මහත්මිය හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top