රැස්විම මැද එක්වරම ප්රාදේශීය සභාවේ සිවිලිම කඩා වැටෙයි
Thursday, 15 October 2020 - 12:06 | Views - 566
මාතලේ - ලග්ගල ප්රාදේශීය සභා ගොඩනැගිල්ලේ සිවිලිම කඩාවැටී තිබෙනවා.
ලග්ගල ප්රාදේශීය සභාවේ මාසික රැස්විම පැවැත්වූ ඊයේ දිනයේ මෙලෙස එහි සිවිලිම කඩා වැටී ඇති බවයි වාර්තාවන්නේ.
එම අවස්ථාවේ මාසික රැස්විම සඳහා එහි සභා ශාලාවේ මන්ත්රීවරු පහලොස්දෙනෙකු සිටි බවත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් සඳහන්.
අනතුරෙන් පසු මාසික සභා රැස්වීම අවසන් කිරිමට සිදුවු බවයි අප කළ විමසීම දී ලග්ගල ප්රාදේශීය සභාවේ සභාපති බුධික සේනාරත්න මහතා කියා සිටියේ.
Share This Article