වැල්ලවාය අනතුරකින් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට
Thursday, 15 October 2020 - 10:13 | Views - 469
වැල්ලවාය - බෙරගල මාර්ගයේ හපුතලේ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් අවුරුදු එක හමාරක් වයසැති කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මෙම දරුවා සිය මව සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ මව සහ කුඩා දරුවා බරපතල තුවාල ලබා හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කෙරුණා.

එහිදී අවුරුදු එක හමාරක් වයසැති පහළ විරාගල - නිකපොත ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වුණා.

බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු සහ එම මව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට මාරු කර යවා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top