බන්ධනාගාර ආරක්ෂාවට විශේෂ බලඇණියක්
Thursday, 15 October 2020 - 10:05 | Views - 412
බන්ධනාගාර ආරක්ෂක කටයුතු සඳහා විශේෂ ආරක්ෂක බලඇණියක් බන්ධනාගාර පද්ධතිය තුළ ස්ථාපිත කර ඊට අවශ්‍ය බඳවා ගැනීම් සිදුකිරීම කෙරෙහි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

පසුගියදා එම අමාත්‍යාංශයේ ඊට අදාළ සාකච්ඡා පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන්.

සිරකරුවන් අධිකරණය සඳහා ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන්ට එල්ල වන තර්ජන සහ රැඳවියන්ට බාහිර පාර්ශවයන්ගෙන් එල්ල වන තර්ජනයන් හේතුවෙන් විශේෂ ආරක්ෂාවක් සැපයීම සඳහාද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

එසේම, මෙම අලුතින් ආරම්භ කිරීමට නියමිත බලඇණිය සඳහා විශේෂ හමුදා පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top