වැඩපොළේ, ගෙදරදොරේ මානසික පීඩාවෙන් මිදී සිටින හැටි
Thursday, 15 October 2020 - 9:38 | Views - 3,283
ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන් ද? නැතිනම් කඩා වැටීමක ද?

අතීතයේ කිසිදාක අපහසුවක් නොමැතිව කළ යම් කාර්යයක්, රාජකාරියක් දැන් දරා ගැනීමට අපහසු කටයුත්තක් සේ දැනෙයිද?

ගෙදරදොරේ "වැඩ කන්දක්", "කොච්චර කළත් කෙළවරක් නැහැ" වැනි හැඟීම් හමුවේ එදිනෙදා වැඩවල නිමක් නොපෙනේ ද?

එසේ නම් "කායික සහ මානසික විඩාවක්" (Emotional burnout) දෙසට ගමන් කරනවා විය හැක.

නමුත් ඒ ගැන බිය විය යුතු නැත. යළි සුපුරුදු ජීවිතයට පිවිසීම සඳහා අවශ්‍ය වටිනා ඉඟි කිහිපයක් නිවේදිකාවක සහ වෛද්‍යවරියක වන රාධා මොද්ගිල් සතුය. "කායික සහ මානසික විඩාව" හඳුනා ගැනීමට අවශ්‍ය උපදෙස් ද ඊට ඇතුළත් වේ. එබැවින් යළි හිටි හැටියේ දරා ගත නොහැකි පීඩාවක් ඇති වීමට පෙර ඔබට ඒ පිළිබඳ කල්තියා දැන ගැනීමට හැකි වනු ඇත.
"කායික සහ මානසික විඩාව" යනු කුමක්ද?

"කායික සහ මානසික විඩාව" යන යෙදුම පළමු වරට භාවිත වී ඇත්තේ හර්බට් ෆ්‍රෲඩ්න්බර්ගර් විසින් 1974 වසරේ පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවකය.

යමෙකුගේ වෘත්තීය ජීවිතය සමග "තමාගේ හැකියාවන් ඔප්පු කිරීමට බල කිරීමක්" ඇතුළුව අදියර ගණනාවක් හේතුවෙන් ඇති වන තත්ත්වය ඔහු විසින් "කායික සහ මානසික විඩාව" ලෙස හඳුන්වනු ලැබ ඇත.
වෛද්‍ය රාධා මොද්ගිල් පවසන පරිදි වර්තමානයේ කායික සහ මානසික විඩාව ලෙස අප සිතන්නේ "අධික සහ දිගින් දිගටම පවතින ආතතියයි" (Stress). ඒ හමුවේ අපට "ජීවිත අභියෝගවලට මුහුණ දිය නොහැකි හැඟීමක්" දැනෙන බව ඇය පෙන්වා දෙයි.

හර්බට් ෆ්‍රෲඩ්න්බර්ගර්ගේ විග්‍රහයෙන් ඔබ්බට යන වෛද්‍ය මොද්ගිල්ගේ විශ්වාසය වී ඇත්තේ, වෘත්තීය ජීවිතය පමණක් නොව අපගේ ජීවිතවල තවත් බොහෝ පැති මෙවැනි ආතතීන් සඳහා හේතු වන බවය.
වෛද්‍ය මොද්ගිල් විසින් "කායික සහ මානසික විඩාව", අපගේ ජංගම දුරකතනයක "බැටරිය බැස යාම" හා සසඳනු ලබයි.

"තවදුරටත් ඉදිරියට යා නොහැකි ලෙස ටැංකියේ තෙල් නොමැතිව, ජීවිතයෙන් හෙම්බත් වී ඇති බවක් දැනෙන්න පුළුවන්," යනුවෙන් ඇය විස්තර කරයි.

ඇතැම්විට, ඔබ සේවා ස්ථානය තුළ දැඩි ආතතියක් සහිත සහ අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දිය හැකි ආකාරයේ පුද්ගලයෙකු වුවත් මේ මොහොතේ දුෂ්කර අඩියක සිටිනවා විය හැක.

එය, ඔබ සතු "මානසික බකට්ටුවක" ඇති තෙල් සිඳී යමින් පවතින බවට සංඥාවක් විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පවසයි.

"ඒ ගැන මෙහෙම හිතන්න. ඔබට ඔබේ රැකියාවට බකට්ටුවකුත්, ගෙදර වැඩවලට තව බකට්ටුවකුත් තිබෙනවා. මේ එක බකට්ටුවක තෙල් ඉවර වෙමින් ගියත්, අනෙක් බකට්ටුවට හොඳින් තෙල් තිබෙනවා නම් බොහෝ විට ඔබට ඒ තත්ත්වයට මුහුණ දෙන්න හැකි වේවි."

"නමුත් මේ බකට්ටු දෙකම හිඳී යමින් ඇති නම්, ඔබට තවත් තෙල් ඉතිරි වී නැති නම්, අන්න එතනදී ගැටලු මතු වෙන්න පුළුවන්,"

"කායික සහ මානසික විඩාවෙන්" මිදී සිටීමට උපදෙස්...

වෛද්‍ය මොද්ගිල් පවසන පරිදි:

    තමා, තමාටම සානුකම්පිත ඇහුම්කන් දෙන්නෙකු වන්න.
    බාධාවකින් තොරව හොඳින් සිදුවෙන දේ පිළිබඳ අවධානය යොමු කරන්න.
    තමාට සතුටක් ගෙනෙන මිතුරු මිතුරියන් සමග දොඩමළු වන්න.
    දිනපතා ව්‍යායාමවල යෙදෙන්න.
    තමාට සතුටක් ගෙන දෙන කාර්යයන්වල යෙදෙන්න, ඒවාට ප්‍රමුඛත්වයක් ලබා දෙන්න.
    ඔබ කැමතිම සංගීතයන්ට ඇහුම්කන් දෙන්න.
    අවශ්‍ය තරමට නින්දක් ලබා ගන්න.
    යළි සැකසිය නොහැකි මට්ටමට යන තෙක් ප්‍රමාද නොකරන්න. ඉහත කී කරණු දිනපතා පුරුදු පුහුණු කරන්න.

සිය ඉඟි සහ උපදෙස් "කායික සහ මානසික විඩාවන්ගෙන්" ගැලවී සිටීමට උපකාරී වනු ඇති බවට වෛද්‍ය රාධා මොද්ගිල් බලාපොරොත්තු පළ කරයි.

ජංගම දුරකථන බැටරිවලට මෙන් අපගේ "මානසික බටරිවලට" ද දිනපතා ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නම් සමස්තයක් වශයෙන් අපගේ මානසික සෞඛ්‍ය සහ යහ පැවැත්මේ වර්ධනයක් දැකිය හැකි වනු ඇති බව ඇය විශ්වාස කරයි.
BBC
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top