අනියම් පෙම් හබය දුරදිග ගොස් පෙම්වතියගේ ගෙල කපලා
Thursday, 15 October 2020 - 8:59 | Views - 698

මිහින්තලේ, අඹතලාගම ප්රදේශයේ නිවසක් තුළ දී 58 හැවිරිදි අනියම් පෙම්වතා විසින් එහි කාමරයක ඇඳක් මතදී 48 හැවිරිදි සිය අනියම් පෙම්වතියගේ ගෙල මන්නා පිහියකින් කපා ඝාතනය කොට පෙම්වතාද එම නිවස තුළ ගෙළ වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇත.
පෙරේදා (13) සවස 3.00 ට පමණ මෙම සිද්ධියවී ඇත. මෙහිදී මිහින්තලේ ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවක ඝාතනයට ලක්ව ඇති අතර ඇය ඝාතනය කිරීමෙන් පසු ඇගේ අනියම් පෙම්වතා බව කියන ගලෙන්බිඳුණුවැව අල්ලවැව හිඟුරුවැව ප්රදේශයේ පදිංචිකරුවකු මෙලෙස සිය දිවිහානි කර ගෙන ඇත.
එම කාන්තාව ඝාතනය කොට ගෙළ වැලලාගෙන මියගිය පුද්ගලයා මිහින්තලේ අඹතලාගම ප්රදේශයේ නිවසක් කුලී පදනම මත ලබා ගෙන එහි තාවකාලිකව පදිංචිව සිට ඇති අතර පෙරේදා (13) සවස ඔහුගේ අනියම් පෙම්වතිය බව කියන කාන්තාව යතුරුපැදියකින් එම නිවසට පැමිණ සිටියදී ඇයව ඝාතනය කොට ඔහුද සිය දිවිහානි කර ගෙන ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි. මෙම ඝාතනය සහ සිය දිවි නසා ගැනීම පෞද්ගලික හේතුවක් මත සිදුවන්නට ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මේ අතර ඝාතනයට ලක්වූ කාන්තාවගේ විවාහක සැමියා මීට කලකට පෙර ඇයව අතහැර දමා ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම මළ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (14) සිදු කෙරිණි. මිහින්තලේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
Share This Article