අලුයම 5 සිට කටුනායකට පොලිස් ඇඳිරි නීතිය
Thursday, 15 October 2020 - 8:00 | Views - 354
මීගමුව කොට්ඨාශයේ කටුනායක පොලිස් බල ප්‍රදේශයට අද අලුයම 5 සිට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූවද, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යා හැකි අතර, එහි සේවය සඳහා පැමිණෙන පුද්ගලයින්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 142 ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති අතර, තවදුරටත් වාහන 37ක් පොලිස් භාරයේ පවතිනවා.
Share This Article