රිෂාඩ්, කොළඹ, මන්නාරම නිවෙස්වල නැහැ
Wednesday, 14 October 2020 - 13:45 | Views - 586

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් යොදවා පරීක්ෂණ සිදුකළ ද හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මේ වන තුරුත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ කොළඹ සහ මන්නාරමේ පිහිටි නිවෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පරීක්ෂාවට ලක් කළ ද ඔහු එම නිවෙස්වල නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් ඇතුළු සැකකරුවන් 3 දෙනෙකු වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළා.
ඒ, වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
එහිදී අධිකරණය දැනුම් දුන්නේ පොදු දේපළ පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලමේ සිට මන්නාරම දක්වා ශ්‍රී ලංගම බස් රථවලින් අවතැන් ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
Share This Article